සාන්ත තෝමස් බාලදක්ෂ සමූහයේ පසුගිය වකවානුවේ යම් පසුබැමක් සිදුවී ඇති බැවින් නැවත ගොඩනැගීම වෙනුවෙන් සාන්ත තෝමස් ආදී බාලදක්ෂ සංගමයෙන් නව යෝජනා රැසක් ඉදිරිපත් වී ඇත. ඒ බව පසුගිය මස පැවති රැස්වීමේදී දිර්ඝ වශයෙන් සාකජ්චාවට භාජනය විය.
පසුගිය වකවානුවේ විද්‍යාලීය බාලදක්ෂ සමූහය වෙත ආදී බාලදක්ෂ සංගමයේ අවදානය අඩු මට්ටමක පැවති බැවින් මෙවන් තත්වයක් උත්ගත වූබව සංගමයේ සියලු රැස්වීමට පැමිණි සමාජිකයන් පිළිගත් අතර එය අවම කර ගැනීම සදහා යෝජනා රැසක් ඉදිරිපත් විය. ඒ අතර සෑම මාස දෙකකටම වරක් විද්‍යාලීය බාලදක්ෂයන් වෙනුවෙන් පුහුණු වැඩසටහනක් පැවැත්වීමට යෝජනා විය. තවද විද්‍යාලීය බාලදක්ෂ සමූහයේ පුහුණු කටයුතු ප්‍රමාණවත් මට්ටමින් සිදු නොවන නිසා විද්‍යාලීය ආදී බාලදක්ෂයකු වන (ජනාධිපති බාලදක්ෂ) කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ සේවයේ නියුතු සම්පත් සේමසිංහ මහතා විද්‍යාලයට යෝමු කරවා ගැනීම සදහා වන මූලික පියවර වශයෙන් තාවකාලීකව ගෙන්වා ගැනීමටද තීරණය විය.

විද්‍යාලීය බාලදක්ෂයන් හා ආදී බාලදක්ෂයන් අතර සුහදත්වය වර්ධනය සදහා ආදී බාලදක්ෂ දිනයක් විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කරන බවද වාර්තා විය.



මූලාශ්රය - stosa.org



Leave a Reply.


Created By- Chamara Senarath